එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ. රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර පෙරේදා (03) පෙරවරුවේ රුසියාවේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි Aeroflot ගුවන් සමාගම් මූලස්ථානයේදීයි.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමේ අරමුණු නැතිව ලොව පුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡා පැවැත්වෙන අතර රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති මෙම සාකච්ඡාව එම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ මූලාරම්භයයි.
රුසියානු aerofloat ගුවන් සමාගම සැප්තැම්බර් පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව එය කල් දමා තිබිණි. පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියාව හා ශ්‍රි ලංකාව අතර එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කෙරින. මුල් අවධියේදී රුසියාවේ සිට සතියකට ගුවන්ගමන් වාර දෙක බැගින් මෙරටට පැමිණීමට ද එම සාකච්ඡාවලදී තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ එරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීන් අගය කළේය.
මෙම සාකච්ඡා සඳහා එරොෆ්ලොට් ගුවන් සමාගම නියෝජනය කරමින් Igor chernyshiv, ivon g. Batanov, anton p. myagkovNatalya R. Teimuazova සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ අමාත්‍යාංශ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ උපදේශක සම්බන්ධීකාරක නිමේශ් හේරත් සහභාගී වූහ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව