ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය දින කිහිපයකට කල් දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිති කර පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරුවීමත් සමග එම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි යෝජිත නව තරග කාලසටහන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් පලකර තිබේ.
ඒ අනුව ලබන 13 වැනිදා ආරම්භ නියමිතව තිබූ එක්දින තරාගවලිය ලබන 17වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇත.
දෙවැනි එක්දින තරගය ලබන 19වනදාත්, තෙවන එක්දින තරගය ලබන 21 වනදා පැවැත්වීමට යෝජනා වී තිබේ.
පන්දුවාර 20 තරගාවලිය

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි