එළඹෙන බංග්ලාදේශ හා එංගලන්ත එක්දින තරග සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සලකා බලමින් සිටියි.
ඉදිරියේදි එළඹෙන සීමිත ඕවර තරග සංචාර සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිමූත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා යන අය පිළිබදව සලකා බැලීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු Newswire වෙබ් අඩවිය වෙත පවසා ඇත.
“තේරීම් කමිටුවට තරුණ ක්‍රීඩකයින් සඳහා අවස්ථාවන් ලබා දීමට අවශ්‍යයි, එබැවින් බොහෝ විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉවත් වීමට ඉඩ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයක් ගනු ඇත” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩිදුරටත් පැවසා ඇත.
ලබන මාසයේ බංග්ලාදේශයේදී එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අතර ජුනි මාසයේදී එක්දින හා විස්සයි 20 තරගාවලිය සඳහා එංගලන්තයේ සංචාරය කරනු ඇත.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව දිමූත් කරුණාරත්න එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළහොත් විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක බොහෝවිට එක්දින කණ්ඩායමෙද නායකත්වය සඳහා පත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නෙ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්