ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා සංචිතය අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
එම තරගාවලිය පෙබරවාරි මස 11 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එරටදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි