ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් (04) කමිටුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව, අප්‍රේල් 07 වැනිදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇති අතර අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට නියමිතය.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති