T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද යළිත් මෙරටට පැමිණියා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින්.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැහැ.
ඒ සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගි වු තරග පහෙන් දෙකක් පමණක් ජය ගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ අවධානය දිනා ගැනීමට මෙවර හැකි වීම විශේෂත්වයක්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි