විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විට සකස් කර ඇති වාර්ෂික ගිවිසුමේ ක්‍රීඩකයන් තක්සේරු කිරීම විනිවිදභාවයෙන් තොර බවත් එහිදී ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබඳව තනි තනි ක්‍රීඩකයා දැනුවත් කර එය පිළිගත හැකි ආකාරයට සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අසාධාරණ, හේතු විරහිත සහ අත්තනෝමතික එකක් බවත් ක්‍රීඩකයන් එම ගිවිසුම අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති