කුමන තත්ත්වයක් මත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර නොදමන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය නවක ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ක්‍රීඩකයෙකුට කිසිදු අවස්ථාවක් පහසුවෙන් නොලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. ලෝකයේ අනෙක් රටවල් භානුක රාජපක්ෂව හඳුනාගෙන ඇත්තේ තරඟ දිනවන ක්‍රීඩකයෙක් ලෙස බවත් එවැනි තත්ත්වයට පැමිණීම පහසු කාර්යයක් නොවන බවයි සනත් ජයසූරිය සඳහන් කළේ.
තමා දන්නා තරමින් භානුක ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන නොමැති බවත් ඉල්ලා අස්වීමක් පමණක් සිදු කර ඇති නිසා බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි