මේ මස 18 වෙනිදා ඉන්දීය පිලට එරෙහිව ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට පියවර ගෙන තිබේ.
ලංකා ක්‍රිකට් ආයතනය එම තීරණය ලබා දී ඇත.
මේ වන විට ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල එකම හෝටලයේ රැඳී සිටි අතර ලංකා කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ලංකා සංචිතය වෙනත් හෝටලකට යොමු කිරීමට පියවර ගත් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි