ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකක් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕමානයේ නිරෝධායනයට යොමුකර තිබේ.
එක් දිනක් නිරෝධායනයේ නිරත වන ඔවුන් ඉන් අනතුරුව සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 03 වැනිදා ඕමානය බලා යාමට නියමිතව සිටියත්, එරටට බලපෑ ශහීන් නමැති කුණාටු තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා පිටත් වූයේ පෙරේදා (04 වැනිදා)ය.
දෙරට අතර පළමු තරගය මේ මස 07 වැනිදාත්, දෙවැනි තරගය 09 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා අයි.පී.එල්. තරගාවලියට එක්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැරුණු විට ක්‍රීඩකයන් 21 දෙනෙක් පිටත් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි