වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය තරග 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් වුණා.
ඒ දෙරට අතර පැවති 5 වන එක්දින තරඟය ලකුණු 4ක තියුණු ජයක් අත්කරගනිමින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කට 240 ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 241 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 236 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විනුජ රම්පාල් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් ලබාගත්තා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි