දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර හෙට (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වෙයි.
කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් 5 මෙවර තරගාවලිය සඳහා එක්වෙයි.
තරගාවලියේ සමාරම්භක උළෙල හෙට (05) පස්වරු 6ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතරය.
තරගාවලියේ පළමු වටයේ තරග සියල්ල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරගාවලිය සඳහා ප්‍රේක්ෂකාගාර ධාරිතාවෙන් සියයට 50 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැති හිමිවී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා,
“එන්නත් මාත්‍රා දෙකම ලැබිලා සති දෙකකට පස්සේ ඉන්න ප්‍රේක්ෂකයන්ට විතරයි එන්න පුළුවන්. එන්නත්කරණයට ලක්වෙලා තියලා ඔප්පු කරන්න ඕනේ. “
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්