සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි සිව්දින පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කන්ඩායමේ සංචිතය නම්කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට පැතුම් නිෂ්ශංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, මිනෝද් භානුක සහ චාමික කරුණාරත්න ඇතුලත්.
අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාර, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය සහ විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට ඇතුලත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තරගය හෙට කොළඹ එස්. එස්. සී. ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි