ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 11 දෙනෙකු ඇතුලත් ය.
ඒ සඳහා නවක ක්‍රීඩිකාවන් තුන් දෙනෙකු ඇතුලත් කර ඇති අතර ඔවුන් 21 – 16 සහ 19 වයස් වල පසුවන්නන් වේ.
2022 කාන්තා පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු 4 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා වන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා සිම්බාබ්වේභීදි පැවැත්විමට නියමිතයි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය
1 චමරි අතපත්තු (නායිකා)
2 හර්ෂිතා මාධවි (උප නායක)
3 ඉනෝකා රණවීර
4 නිලක්ෂි ද සිල්වා
5 හසිනි පෙරේරා
6 සුගන්දිකා කුමාරි
7 ඕෂධී රණසිංහ
8 අමා කාංචනා
9 උදේශිකා ප්‍රබෝධනී
10 අචිනි කුලසූරිය
11 අනුෂ්කා සංජීවනී
12 කවිෂා දිල්හාරි
13 තාරිකා සෙව්වන්දි
14 ප්‍රසාදනී වීරක්කොඩි
15 ඉමේෂා දුලානි
16 විශ්මි ගුණරත්න
17 සචිනි නිසංසලා
ප්‍රධාන පුහුණුකරු – හෂාන් තිලකරත්න
සුදානම් කර ඇති සෙසු අතිරේක ක්‍රීඩකාවන්
1 උමේෂා තිමාෂිණී
2 කාව්‍ය කාවින්දි
3 මධුෂිකා මෙත්තානන්ද
4 සත්‍ය සංදීපනී
5 ලිහිණි අප්සරා
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්