ශ්‍රී ලංකා උස පැනීමේ තරඟකරුවකු වන උෂාන් තිවංක පෙරේරා ඇමෙරිකානු ටෙක්සාස් රිලේස් උසස් අධ්‍යාපන ආයතන ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අලුත් කිරීමට අද (28) පෙරවරුවේ සමත්වී තිබේ.
එහි පැරණි වාර්තාව 2004 වසරේ මංජුල කුමාර වීරසේකර මීටර 2.27 ක් පනිමින් පිහිටුවා තිබුණ අතර අද (28) උෂාන් මීටර 2.28 ක උසක් පැනීමට සමත් විය . ඒ අයුරින් නව තරඟ වාර්තාව පිහිටුවා ඇත.
පසුගිය දිනෙක ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කරගත් උෂාන් තිවංක මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙකි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි