ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ඉන්දීයාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊට ටෙස්ට් හා විස්සයි විස්ස තරඟාවලියක් ඇතුළත් බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දීය කණ්ඩායම ලබන වසරේ සහභාගී වීමට නියමිත තරඟ කාලසටහනක් ඊයේ (18) ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම වාර්තාවලට අනුව ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
ඊට ටෙස්ට් තරග 2ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මෙරටදී ටෙස්ට් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට ද නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි