තරගාවලිය සදහා මනා සූදානම්වීමක් නොමැති වීම දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දුර්වලවීමට හේතු වී ඇති බව පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා. තරගාලිය ආරම්භ වීමට පෙර සුරංග ලක්මාල් ආබාධයකට ලක් වූ අතර, එල්.පී.එල් තරගාවලියේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඕෂද ප්‍රනාන්දුට ද පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වු බවයි ඔහු පවසන්නේ.
එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ද මෙම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. එමෙන්ම පළමු ටෙස්ට් තරගයේදී ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ළහිරු කුමාර, වනිදු හසරංග සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ආබාධයට ලක් වුණා.ඒ අනුව ටෙස්ට් සංචිතයේ සිටින ක්‍රීඩකයින් විසි දෙදෙනො අතරින් මේ වන විට ආබාධවලට ලක්වූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.
“මම හිතන්නේ නැහැ අපේ සූදානම් වීම හොද තත්ත්වයක තිබුණා කියලා.” යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කලා. “අපිට මේ තරගාවලියට පෙර එල්.පී.එල් තරගාවලිය තිබුණා. මට තේරෙනෙවා ඔවුන් එක් පැවැත්වීමට කටයුතු කළේ ඇයි කියලා. කොරෝනා වෛරසය සහ ආර්ථික තත්ත්වය නිසා අපිට එය අවශ්‍යයි, නමුත් අනිවාර්යයෙන්ම ටෙස්ට් ක්‍රීඩාව සදහා එය නිවැරැදි සූදානම් වීම නොවෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි