යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (30) සමත් වුණා.
ඒ, පාකිස්තාන යොවුන් කණ්ඩායම පරදා ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කරමින්. කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 44.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147ක් ලබා ගත්තා පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.
ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ දී, ශ්‍රී ලංකාව සමඟ තරඟවදින්නේ ඉන්දීය කණ්ඩායමයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි