අර්ධ සූර්යග‍්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ‍්‍රී ලාංකිකයින්ට අද (21) අවස්ථාව උදා වුණා. වෙනත් රටවලට වළයාකාර සූර්යග‍්‍රහණයක් ලෙස මෙය දිස්වුවත්, ශී‍්‍ර ලංකාවට මෙම සූර්ය ග‍්‍රහනය දිස්වන්නේ අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙසින්.
කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය පෙරවරු 10.29 ට ආරම්භ වී පෙරවරු 11.51 වනවිට උපරිමයට ළඟා වී, පස්වරු 1.19 ට පමණ අවසන් වනු ඇතැයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කළා.
කොළඹ සිට නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි සියයට 16.05 ක් චන්ද්‍රයාගෙන් ආවරණය වන අතර මෙම අර්ධ සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂනය නොකළ යුතුයි.
සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්