නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළද සංකීර්ණයකට ඇතුල්වී පුද්ගලයින් 06 දෙනෙකුට පිහි ඇනුමක් සිදුකරනු ලැබූ පුද්ගලයෙකුට එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ප්‍රචණ්ඩ අන්තවාදියෙක් ලෙස වසර ගණනාවක් හඳුනාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නවසීලන්ත පොලිසිය වෙඩි තැබීමට පෙර මෙම පුද්ගලයා විසින් පුද්ගලයින් කිහිපදෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පවසා තිබේ.
මෙම පුද්ගලයා ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක් බව වාර්තා වේ.
ප්‍රහාර එල්ල කළ පුද්ගලයා වසර 10ක් පමණ නවසීලන්තයේ වාසය කර ඇති තැනැත්තෙක් වන අතර ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක බලධාරීන් පසුගිය වසර 5 පුරාවට අවධානයෙන් සිටි බව වාර්තා විය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි