ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වයස අවුරුදු 15 ට වැඩි ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමේ සමාරම්භක උළෙල, ජනවාරි 03 දා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් කළ Block Chain තාක්ෂණය උපයෝගී කර ගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් මෙම හැදුනුම්පත සකස් කොට ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ අදාළ තරුණයාගේ හෝ තරුණියගේ නිපුණතාවයන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුලත් දත්ත බැංකුවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකි වීම යැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම හැදුනුම්පත ඔස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් හට තම කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට සෘජුවම රැකියා අවස්ථා ලබා ගැනීමේ අවස්ථාව උදාවෙන බව ද සභාපතිවරයා පැවසීය.
තරුණ තරුනියන්ට තම උසස් අධ්‍යාපන අවස්ථා හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා සෘජුවම ඕනෑම ආයතනයක ලියාපදිංචි වීමට මෙන්ම මේ සඳහා සම්බන්ධ වන පෞද්ගලික විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන ආයතන වලින් ආකර්ශණීය වට්ටම් ලබා ගැනීමේ අවස්ථා ද මෙම හැදුනුම්පත හරහා ලබා ගත හැකි වන බව ද ඔහු තව දුරටත් සඳහන් කරයි.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරණ විස්තර ද මෙම හැඳුනුම්පතේ දත්ත මඟින් ලබාගත හැකි වීම ද මේ තුළින් තරුණයාට ලැබෙන තවත් ප්‍රතිලාභයකි. වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීමේ අවස්ථාව මෙම 03 වෙනිදායින් පසුව උදා වනු ඇත.
මීට සමගාමීව Hope For Sri Lanka වැඩසටහන යටතේ නවතම ව්‍යාපාර ආරම්භ කරනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ තොරාගත් තරුණ තරුණියන් 50 දෙනෙකු හට රු.25000,00 සිට මිලියන 5 දක්වා වූ බැංකු ණය මුදල් ලබා දීමද මෙහිදී තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා අතින් සිදු විය.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ යන මහත්වරු ද, වාණිජ බැංකු ප්‍රධානීහුද සහභාගී වූහ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව