දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොවිඩ් ආසාදනයට ලක්වීමේ පුවත සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර ප්‍රධාන කාර්යාලය වෙත ලිපියක් යොමු කොට තිබේ.
එම ලිපියේ දැක්වෙන්නේ, බන්ධනාගාර ගතවී සිටින ශානි අබේසේකර මහතා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බවත්, ඔහු කොවිඩ් ආසාදනයට ලක්වීම තුළ ආරක්ෂාවට තර්ජනයක් සිදුව තිබෙන්නේ නම්, එම තත්ත්වය වහා නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බවත් ය.
ශානි අබේසේකර මහතා කොවිඩ් ආසාදනයට ලක්වීම තුළ ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ළඟම ඇති කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු බවට මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
බන්ධනාගාර ගතවීම තුළ 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ (vide SS. 10 (b), 11 (d), 28(2) වගන්ති ප්‍රකාරව ලැබිය යුතු වරප්‍රසාද අහිමි වන පුද්ගලයන් ගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන ආයතනයක් වශයෙන් මෙම කරුණු දැක්වීම තුළ එළඹෙන නොවැම්බර් 30 වන දිනට ප්‍රථම ශානි අබේසේකර මහතා ගේ ආරක්ෂාව තහවුරු කරන ලදු බවට තොරතුරු යොමුකරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්