චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ කාන්තා සංසදයට සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් ලිපිය අද (11) යොමු කෙරිණ.
මානව ශිෂ්ටාචාරය හා සමාජ ප්‍රගමනය ඉදිරියට රැගෙන යන පිරිස බවට පත්වෙමින්, විවිධ ක්ෂේත්‍ර සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කාන්තාවන් ෂී ජින්පිං මහතා එහිදී ඉහළ ඇගැයීමට ලක් කළේය. ශැංහයි සහයෝගිතා සංවිධානයේ කාන්තා සංසදය ආරම්භයේ සිට වර්තමානය දක්වා ‘ශැංහයි ජීවගුණය’ප්‍රවර්ධනය කර ඇත. ඒ, පොදු ඉරණමක් සහිත, වඩාත් සමීප ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කරමිනි. විවිධ පාර්ශ්ව සමග එක්ව, ඩිජිටල්කරණය ඔස්සේ විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මෙන්ම කාන්තා මෙහෙවර තවදුරටත් සහතික කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශැංහයි සහයෝගිතා සංවිධානයේ කාන්තා සංසදය චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ දී අද පැවැත්විණ. ‘ඩිජිටල්කරණය සහ ආර්ථිකය උදෙසා කාන්තා දායකත්වය’මෙවර එහි ප්‍රධාන තේමාව යි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි