IPL ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන උපහාසාත්මකව අදහස් දැක්වූ ෂකීබ් අල් හසන් ව බංග්ලාදේශ එක්දින කණ්ඩායමට නම් කර තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය මැයි 23 වනදා ඩකා හිදී පැවැත්වේ.
බංග්ලාදේශ සංචිතය මෙසේය:
තමීම් ඉක්බාල් (නායක), ෂකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා, අෆිෆ් හොසේන්, මෙහිඩි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුඩීන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහමන්, සොම්‍ය සාර්කර්, මොසැඩෙක් හොසේන්, මහේදී හසන් සහ සොරිෆුල් ඉස්ලාම්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි