බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන්ට එල්ල වී තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ඉවත් කරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබුණ ද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ආර්යන් ඛාන් ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙකු එම චෝදනාවලින් ඉවත් කර ඇති බවයි.
පසුගිය 2021 ඔක්තෝම්බර් මාසයේ පැවති උත්සවයක දී ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සැකපිට ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධි එජන්සිය විසින් අත්අඩංගුවට ගැනුණා.
ඔහුට එල්ල වී තිබූ චෝදනා වන්නේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, භාවිතා කිරීම සහ විකිණීමයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි