මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
ආර්යන් ඛාන් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඉන්දීය අධිකරණයක් හමුවේ සලකාබැලු අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව 23 හැවිරිදි වියේ පසුවන ආර්යන් ඛාන් එරට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වූ 3වන අවස්ථාව මෙය වේ.
මුම්බායි හි නෞකාවක පැවති සාදයකට සහභාගී වෙමින් සිටියදී ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් පසුගියදා ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්තේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්