චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි වෙයි. එය, සමර්කන්ඩ් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී ඊයේ (17) පැවැත්විණ.
“යුගයේ ප්‍රවණතාවය ග්‍රහණය කර, වඩා යහපත් අනාගතයක් උදෙසා සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම”යන මැයෙන් යුත් දේශනය පවත්වමින් ෂී ජින් පිං මහතා පැවසුවේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රඥප්තිය අත්සන් කිරීමේ 20 වැනි සංවත්සරය සහ සාමාජික රාජ්‍යයන් අතර දිගුකාලීන යහපත් අසල්වැසි සබඳතා, මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ 15 වැනි සංවත්සරය මෙම වසරේ යෙදෙන බවයි.
වසර ගණනාවක් පුරා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් මෙම මාර්ගෝපදේශන ලේඛන දෙක චින්තනයේ පදනම සහ ක්‍රියාකාරීත්වයේ උපදේශය ලෙස ගෙන, ක්‍රමානුකූලව හා සාර්ථකව නව ආකාරයේ ජාත්‍යන්තර සංවිධානයක වර්ධනය සඳහා නිසි මාර්ගයක් ගවේෂණය කර, සාර්ථක අත්දැකීම් මාලාවක් රැස් කරගෙන තිබේ .
අන්‍යෝන්‍ය වශයෙන් දේශපාලන විශ්වාසය තහවුරු කිරීම හා ප්‍රයෝජනවත් සහයෝගීතා පවත්වා ගැනීම, සමානාත්මතාව අවධාරණය කිරීම,විවෘතභාවය සහ ඇතුළත් කිරීම් මෙන්ම සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම මෙම සාර්ථක අත්දැකීම් අතර වේ. මෙම අත්දැකීම් අන්‍යෝන්‍ය විශ්වාසය හා ප්‍රතිලාභ, සමානාත්මතාව, උපදේශනය, ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කිරීම සහ පොදු සංවර්ධනය හඹා යාම යන “ෂැංහයි ජීවගුණය” සම්පූර්ණයෙන්ම පිළිබිඹු කර ඇති බව චීන ජනාධිපතිවරයා තම දේශනයෙන් පෙන්වා දුන්නේය.
ෂී ජින් පිං මහතා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉදිරි වර්ධනය සඳහා පස් වැදෑරුම් යෝජනාවලියක් ද ඉදිරිපත් කළේය.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය