චීන ජනාධිපති ෂී ජින් පින් ගේ බලය තහවුරු කරමින් එරට කොමියුනිස්ට් පක්ෂය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික යෝජනාවක් සම්මත කරගෙන අති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පක්ෂයේ වසර 100ක ඉතිහාසය පිළිබඳ සාරාංශයක් වන මෙම ලේඛනය මගින් එහි අනාගත දිශානතිය පිළිබඳ කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
එය පක්‍ෂය පිහිටුවීමේ සිට පළමුවෙන් 1945 දී මාඕ සේතුං විසින් ද දෙවනුවට 1981 දී ඩෙන් ෂියාඕපිං විසින් ද සම්මත කරගත් ඓතිහාසික අවස්ථාවන්තට පසුව උදා කරගෙන ඇති තුන් වන තීන්දුව බවටයි විචාරකයන් දක්වා ඇත්තේ.
මෙම යෝජනා සම්මතය මගින් වත්මන් චීන නායකයා – පක්ෂයේ නිර්මාතෘ මාඕ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ඩෙන්ග්ට සමාන කර ඇති බවද සඳහන්.
දින හතරක් පුරා පැවති පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවට තවත් විකල්ප සාමාජිකයින් 370 කට වැඩි පිරිසක් සහභාගී කරවාගෙන ඇති බවයි වාර්තා වූයේ.
ෂී ජින් පින් 2013 වසරේ සිට චීන ජනාධිපතිධූරය හොබවන අතර ලබන වසරේ තුන්වන වරටත් ජනාධිපතිධූරයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින බවද සඳහන්.
2018 දී, චීනය ඔහුට ජීවිතාන්තය දක්වා බලයේ සිටීමට හැකි වන අයුරින් ජනාධිපති ධුරයේ වාර දෙකක සීමාව ඉවත් කළා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ