ෂෙන්චෝ 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය යළි පෘථවියට පැමිණේ.
බෙයිජිං වේලාවෙන් ඊයේ රාත්‍රි 8.10ට පමණ එම අභ්‍යවකාශ යානය චීනයේ ඇතුළු මොංගෝලියාවේ ඩොංෆෙං ගොඩබෑම් ස්ථානයට පැමිණියේ ය. එම ගොඩබෑම සාර්ථක ව සිදු විය.
Chen Dong, Liu Yang and Cai Xuzhe යන ගගනගාමීහූ තිදෙනා දින 183ක් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් අදාළ සේවාවන් හී නිරත වූහ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වීමට ප්‍රථම පර්යේෂන දත්ත බාගත කිරීම හා වෙන් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් ඔවුහූ සම්පූර්ණ කළහ.ෂෙන්චෝ 15 කාර්ය මණ්ඩලය වෙත අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැවරීම පසුගිය සිකුරාදා සිදුවිය.
ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානය සමග ආපසු පෘථවියට පැමිණි චීන ගගනගාමීන් තිදෙනා යහපත් තත්ත්වයේ පසු වන බව වාර්තා වේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්