ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ 20-20 තරඟ සඳහා ක්‍රීඩා කරනු ලැබූ ෂෙහාන් ජයසුරිය සිය සමුගැනීම ගැන සඳහන් කරමින් කියා සිටියේ තමන් පවුලේ සාමාජිකයින් සමග අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට යන බවයි.එමෙන්ම ශ්‍රී ලංකා පිල නියෝජනය කිරිමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ෂෙහාන් ජයසුරිය සිය කෘතඥතාවය පුදකර සිටියා.වාර්තා වන පරිදි අමෙරිකානු ක්‍රිකට් ජාතික කණ්ඩායම සමග ෂෙහාන් ජයසුරිය එක්වීමට නියමිතව ඇත.
ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාට සමුදෙයි

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි