ලෝක ක්‍රිකට් වංශකතාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ඨතම පාදඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියා හිටපු ක්‍රීඩක ෂේන් වෝන් තායිලන්තයේදී හදිසියේ මියගොස් තිබෙනවා.
ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52ක්.
1992 වසරේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ෂේන් වෝන් නම් පාදඟ ටෙස්ට් තරග 145කට සහභාගී වෙමින් ටෙස්ට් කඩුලු 708ක් දවා ගැනිමට සමත් ව තිබෙනවා.
එවකට සිටි ප්‍රතිවාදී කණ්ඩයම් වල පිතිකරුවන්ට හිසරදක් වු ෂේන් වෝන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.
1994 වසරේ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී එංගලන්ත පිතිකරුවන් භීතියට පත් කළ ෂේන් වෝන් ලකුණු 71කට කඩුලු 8ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමත් සමඟ එංගලන්තයට එදා උරුම වුණේ දැවැන්ත පරාජයක්.
ෂේන් වෝන් 1999 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේද ප්‍රබල සාමාජිකයෙක්.
2003 වසරේදී තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් ෂේන් වෝන්ට වසරක තරග තහනමක්ද පැනවුණු අතර මේ හේතුවෙන් ඔහුට 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද අහිමිවී ගියා.
ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගත් ෂේන් වෝන් 2007 වසරේදී ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහු එක්දින තරග 194 කදී සහ ටෙස්ට් තරග 145කදී ඔස්ට්‍රේලියාව නියෝජනය කර තිබුණා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්