හම්බන්තොට, රැකව ප්‍රදේශයේ අක්කර 42ක භූමි භාගයක ඉදිකළ ඉස්සන් ගොවිපළක් ඊයේ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතින් විවෘත කෙරිණි.
ව්‍යාපෘතියේ ආයෝජකයෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.
අක්කර 42 ක භූමි ප්‍රමාණයෙන් අඩක්ම ආවරණය වන පරිදි සකසා ඇති ඉස්සන් ගොවිපළේ මෙහෙයුම් ඊයේ ආරම්භ විය.
වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් ඉස්සන් අපනයනය ඉහළ ආදායම් ලබන අංශයක් බවට පත්වීමට හේතු වී ඇත.
2020 වසරට සාපේක්ෂව 2021 වසරේ ඉස්සන් අපනයන අගයෙහි 162%ක වැඩිවීමක් දක්නට ලැබේ.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන 191 ක සහ Taprobane Seafood Private Limited හි රුපියල් මිලියන 300ක ආයෝජනයක් ලෙසයි ඉස්සන් ගොවිපළ ආරම්භ කර ඇත්තේ
මෙම ඉස්සන් ගොවිපළ දකුණු පළාතේ ආරම්භ කරන ලද පළමු ව්‍යාපාරය වන අතර තවත් ඉස්සන් ගොවිපළක් පිහිටුවීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වඩාත් සුදුසු ස්ථාන හඳුනා ගැනීමට කටයුතු කරමින් පවතී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්