මෙරට නිරෝධායන නීතිය සහ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මොහොතක යාල ජාතික වනෝද්‍යානය හෙට (08) දිනයේ දී එක් දිනයක් සඳහා පමණක් විවෘත කිරීමේ සුදානමක් පවතිනවා.
මෙලෙස යාල විවෘත කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ ප්‍රංශ නාවික හමුදාවට අයත් සාමාජිකයන් පිරිසක් සඳහා ය.
යාල ජාතික වනෝද්‍යානයේ උසස් නිලධාරියෙකු විසින් රූපවාහිනි නාලිකාවක් වෙත පවසා තිබුණේ ලබන 08 වැනිදා පමණක් වනෝද්‍යානය විවෘත කර තබන්න යැයි දැනුම් දීමක් කර ඇති බවයි.
මෙම පැමිණෙන ප්‍රංශ නාවිකයන්ගේ සංචාරක කටයුතු සියල්ලම සංචාරක අමාත්‍යංශය යටතේ සිදුවන බවත් දැනගන්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ද මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කර තිබුණු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ප්‍රංශයට අයත් යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති