රට අගුලු දැමීම කෙටිකර ගැනීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බව හෙතෙම සඳහන් කළේය.
අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම පුද්ගලයන්ගේ ජන ජීවිතවලටද රට අගුළු දැමීමෙන් වන පාඩුව සුළුපටු නැතැයි සඳහන් කළේය.
රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි වනු ඇතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය උපයෝගී කරගෙන සමහරුන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ දැරීම හෙළා දකින බව මුදල් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට