දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4 ට ඉවත් කෙරෙනවා. එහෙත් පළාත් අතර සංචරණය තහනම් වනවා.
ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම යළි සංචරණ සීමා ක්‍රියාත්මකයි.
දැනට තහනම්කර ඇති මහජන රැස්වීම්, පොදු ස්ථානවල ජනතාව ඒකරාශීවීම් හා උත්සව තවදුරටත් තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදිමින් වෙළෙදසැල් විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.
රාජ්‍ය සේවකයින් නිවෙස්වල සිට රාජකාරි ඉටුකිරීම තවදුරටත් සිදුකළ යුතු අතර අත්‍යවශ්‍ය සේවා පමණක් දැනට පවත්නා ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව