පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 33 ක සංචාරකයින් සඳහා නොවැම්බර් 8 දා සිට දේශ සීමා නැවත විවෘත කරන බව ඇමරිකාව නිවේදනය කළා.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ නව නීතිරීතිවලට අනුව, සංචාරය කිරීමට පැය 72 කට පෙර කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතු බවයි.
පසුගිය වසර මුල සිට ඇමෙරිකාව සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබුණා.
සීමා ළිහිල් කිරීම එක්සත් රාජධානිය, බ්‍රසීලය, චීනය, ඉන්දියාව, ඉරානය, අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව මෙන්ම යුරෝපා රටවල් 26 කට අදාල බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ නව ප්‍රතිපත්තිය ආන්දෝලනයට තුඩු දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්