විදේශීය සංචාරකයන් දිවයිනට පැමිණීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ලබන 21 වනදා සිට සංචාරකයින් සඳහා ගුවන් තොටුපල විවෘත වීමෙන් අනතුරුව අදාළ මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ යටතේ නියමිත කාලසටහනක් අනුව පුද්ගලික ගුවන් යානා හෝ කුලී ගුවන් යානා මගින් ඔවුන්ට දිවයිනට පැමිණිය හැකි වනවා.
කෙසේ වෙතත් රසායනාගාරවල සිදුකල හැකි පී සී ආර් පරීක්ෂණ ධාරිතාවය අනුව දෛනික මගී සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇති.
ද්විත්ව පුරවැසියන්ට ද විදෙස් සංචාරකයන්ට සමානව මෙම රෙගුලාසි බලපැවැත්වෙන අතර ව්‍යාපාරික වීසා බලපත්ලාභීන්ට එය අදාළවන්නේ නැහැ.
සංචාරය දින 07 කට නොඅඩු නම් පී. සී. ආර්. පරීක්ෂණ 02 ක්ද, දින 07 කට වැඩි නම් පරීක්ෂණ 03 ක්ද සිදුකිරීම අනිවාර්ය කර තිබෙනවා.
කෙසේවෙතත් දිවයිනට පැමිණ අනිවාර්ය සති 02 ක හෝටල් නිරෝධායනයකට යොමුවීම අනිවාර්ය වනවා.
ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 96 කට පෙර සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණයකින් ඔවුන්ට වෛරසය වැළඳී නොමැතිබව දැක්වෙන සෘණාත්මක ප්‍රථිඵල වාර්තාවක් ද අදාළ සංචාරකයන් විසින් ඉදිරිපත් කල යුතුයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්