කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් සංචරණ සීමා පනවා තිබුණි.
මේ වනවිට එම රටවල් සංචරණ සීමා මෙන්ම නිරෝධායන රීති ද ලිහිල් කරමින් සිටී.
මේ අතර ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ එංගලන්ත සංචාරකයින් සඳහා නිරෝධායනය අවශ්‍ය නොවන බවය.
මීට පෙර පැවති ක්‍රමවේදය අනුව එංගලන්තයේ සිට ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් දින 10ක් නිරෝධායනය යොමු කෙරිණි.
ඉන්දියාව නිරෝධායන ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ එංගලන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඉන්දීය ජාතිකයින් සඳහා නිරෝධායනය අවශ්‍ය නොවන බවට බ්‍රිතාන්‍ය බලධාරීන් මීට පෙර නිවේදනය කිරීමත් සමගය.
නමුත් එංගලන්තයේ සිට නැවත ඉන්දියාවට පැමිණෙන එන්නත්කරණය සම්පූර්ණ කළ ඉන්දීය ජාතිකයින් සිය වියදමින් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර ඇත.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්