සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලි බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
කොවිඞ් 19 ගෝලීය වසංගත තත්ත්වය යටතේ, විදේශීය සංචාරකයන්ගේ මෙරටට පැමිණීම අඩාලවී ඇති අතර දේශීය වශයෙන් ද සංචාරක ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා.
එම තත්වය සලකා බලමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාල සීමාව තවදුරටත් දීර්ඝ කරමින්, ලබන වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා වසරක සහන කාලසීමාවක්ද ලබාදී ඇති බවයි විදුලිබල අමාත්‍යංශය නිවේදනය කළේ.
අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමඟින් අවස්ථාව හිමිවනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්