ඉන්දියාවේ සංචාරයක නිරතවන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරාධනා කර තිබේ.
රෝමයේ පැවැත්වෙන “ජී 20” සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේ හමුවී ඇති බව සඳහන් වේ.
වතිකානයේ දී පාප් වහන්සේ හමුවු අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2017 වර්ෂයේදී පාප් වහන්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා පැවතිය ද පසුව එම සාකච්ඡා බිඳ වැටී ඇත.
අවසන් වරට පාප් වහන්සේ නමක් ඉන්දියාවට පැමිණ ඇත්තේ 1999 වසරේ වන අතර දෙවන ජෝන් පෝල් පාප් වහන්සේ එලෙස පැමිණ ඇති බව සඳහන් වේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ