සොබාදහම සමඟවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශීර්වාදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. එම අලුත් අවුරුදු පණිවිඩයේ මෙසේද සඳහන්වේ: චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැකිය.
වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුළුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂිත වෙයි.
මානවයා සහ සොබාදහම අතර පවතින්නේ අන්‍යෝන්‍ය බැදීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලය කි.එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අදවනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.
එබැවින් සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් වෙයි . සොබාදහමේ ආශිර්වාදයෙන් තමන් උපයා සපයාගත් ධන ධාන්‍යවල අග්‍රඵලය බුදුන්,දෙවියන් වෙත පූජා කරමින්ද, ලෝකයේ පැවැත්මෙහි තීරණාත්මක මෙහෙවර ඉටු කරන සූර්යයාට කළගුණ දැක්වීමද චිරාත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සහ සිදු කරන පුණ්‍ය ක්‍රියාවකි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්