සංස්කෘතිය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය හොඳින් අධ්‍යයනය කර එය ක්‍රියාත්මක කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජික Cai Qi මහතා පවසයි. පසුගිය 03 සහ 04 යන දෙදින බෙයිජිං හි පැවති චීනයේ ප්‍රචාරක නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.
නවීන සමාජවාදී රටක් සෑම අතින්ම ගොඩනැගීමට සහ සෑම අතින්ම චීන ජාතියේ පුනර්ජීවනය ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් ආකල්පමය සහතිකයක්, දැඩි කැපවීමක් සහ හිතකර සංස්කෘතිමය පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත යුතු බව ඔහු අවධාරණය කළේය. ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් 2012 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට සංස්කෘතික සංවර්ධනයට මූලිකත්වයක් ලබා දෙමින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගෙන ඇත.
නව යුගයේ පක්ෂයේ සංස්කෘතික ධජය ලෙස ක්‍රියා කරන සංස්කෘතිය පිළිබඳ ෂී ජින්පිං චින්තනය පිහිටුවීම වඩාත්ම වැදගත් ජයග්‍රහණය වනු ඇති බව Cai Qi මහතා එහිදී පෙන්වා දී ඇත.
පක්ෂයේ නව තීරණ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හෙතෙම කියාසිටියේ සමගියෙන් එක්ව වැඩ කිරීමට ජනතාව පෙළගස්වන මහජන මතයක් නිර්මාණය කිරීම, සංස්කෘතික සේවාවන් සැපයීම වැඩි දියුණු කිරීම, කලාත්මක නිර්මාණ නිෂ්පාදනය සහ එය වැඩි දියුණු කිරීම මෙන්ම අනෙකුත් සංස්කෘතික උරුමයන් පද්ධතිමය වශයෙන් සංරක්ෂණය කිරීම වැදගත් බවයි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ ශිෂ්ටාචාර අතර සංස්කෘතික හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සභික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක අංශයේ ප්‍රධානියා වන Li Shulei මහතා ද ප්‍රබල දේශපාලන වගකීමකින් යුතුව ප්‍රධාන කාර්යයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සිය අදහස් ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි