ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
රජයේ අදූරදර්ශීභාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් දිළිඳු දරුවන්ගෙන් බැහැර කෙරෙමින් පවතින බව විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මාස දෙකකට අධික කාලයක් පුරා ගුරු විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ගැටලු විසඳා ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින අතර මේ පිළිබඳ වහා අවධානය යොමු කර විද්වත් කමිටු යෝජනා කරන පරිදි එම ගැටලු විසඳා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම පාලකයින්ගේ වගකීමක් බව ඔහු පවසයි.
අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්