පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වැඩවසන කොළඹ ධර්මායතනය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හිමිපාණන් බැහැදැකීමට ගොස් ඇති බව වර්ත් විය.
එහිදී ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්වහන්සේ හා සජිත් ප්‍රේමදාස මහතා අතර දීර්ඝ සාකච්ජාවක් පවතී ඇති බවත් නාහිමියන් විසින් එහිදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කොට ඇත.
මෙම සාකච්ජාවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ඉදිරි දේශපාලනික ගමන සුචරිතය මුල් කරගත් සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් ඇති කරමින් ගමන් කරන බව පවසා ඇති අතර එහිදී යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්වහන්සේ පවසා සුචරිත ව්‍යාපාරය පිළිබඳව සිය ප්‍රසාදය ද පළකරන බවද පවසා ඇත.
ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ , මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද කීය.
දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුලින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බවත් විශේෂයෙන්ම රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.
එහිදී ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් ඇතුළු සංඝයාවහන්සේලා පවතින රජය ගෙන ඒමට කැපවී කටයුතු කරනු ලැබුවේ සුචරිතවත් පාලනයක් ගෙනයන අධිෂ්ඨානනයෙන් උවද මේ වනවිට එම පාලකයන් ගමන් කරන දිශාව අනුව ඒ වෙනුවෙන් කැපවූ තමන් වහන්සේලා මේ වනවිට ඉතා කලකිරීමෙන් පසුවෙන බව පවසා ඇත.
එමෙන්ම තමන්වහසේලගේ එකම අරමුණ වන රාජ්‍ය පාලනය සුචරිත වීම සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්නම් ඒ සදහා තමන් වහන්සේලාගේ උපකාරය නොවඩුව ලැබෙන බවට පවසා ඇත.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්