නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ බැහැ දැකීමට අද (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.
ආගමික පුනර්ජීවනය උදෙසා සිය සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “සසුනට අරුණ” ව්‍යාපෘතිය පිළිබඳව නාහිමිපාණන්වහන්සේව දැනුවත් කිරීමට ද ඒ මහතා කටයුතු කළ අතර එම වැඩසටහන හරහා සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන්වහන්සේ විසින් පලකරනු ලැබීය.
මේ අතර, රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන්වහන්සේ මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා නාහිමිපාණන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.
එහිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ ඔනෑම යහපත් ක්‍රියාවක් සදහා සහය ලබා දීමට තමන් වහන්සේ සූදානම් බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්