මෙරට සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්රයේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන පොල්ගොල්ල සත්ත්ව විෂාණු රසායනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එක්විය.
එහිදී එම ආයතනයේ සුවිශේෂී කාර්යභාර්ය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, වසරකට එන්නත් 250,000ක් නිපදවීමේ හැකියාවක් තිබෙන මෙම ආයතනය සංවර්ධනය කොට වසරකට එන්නත් ලක්ෂ 10ක් දක්වා නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන නවීන උපකරණ ලබා දීමට එකඟත්වය පළ කළේය. මෙමඟින් ආනයනය කරනු ලබන එන්නත් අඩුකර, අපනයනය ඉහළ දැමීමට සැලසුම් කෙරේ.
එම ආයතනයේ දැනට භාවිත කරන පැරණි උපකරණ සහ උපාංග කඩිනමින් ඉවත් කර ඒ වෙනුවට නවීන උපකරණ ලබා දීමටත් මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සහ සත්ත්ව විෂාණු රසායනාගාරයේ නිළධාරීහු එක්වුහ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග