වසංගතය තුළ සැඟව ආ වාසනාව
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ලංකාවේ ජාතික සත්වෝද්‍යානවල සත්ත්ව උපත් ප්‍රමාණය 25% කින් ඉහළ ගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා සමයේ සත්වෝද්‍යානවලට දෙස්-විදෙස් සංචාරකයන්ගේ පැමිණීම නතරවීමත් සමගින් සතුන්ට නිදහසේ, ආතතියෙන් තොරව ජීවත්වීමට ඉඩ ලැබීමෙන් එසේ උපත් ඉහළ යාමට බලපා ඇතැයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙකී කරුණු අනාවරණය කර තිබුණේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ආන්යා විපුලසේන ලියූ Without humans around Sri Lankas enjoy a pandemic baby boom නමැති ලිපිය අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ දැක්වූ කරුණුවලිනි.


මෙයට පෙර මෙරට පැටව් බිහි නොකළ සතුන්ද පැටව් බිහිකර ඇති බව ඇය සඳහන් කර තිබේ. සත්ත්ව විශේෂ 4000 ක් පමණ සිටින ලංකාවේ පමණක් සත්වෝද්‍යානවල වාර්ෂික ආදායම මිලියන 3 කි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට