සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කෙසේ වුවත් මේ වන විට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සහ හුදෙකලා කොට ඇති ගම්මාන වල තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් රට සම්පුර්ණයෙන් වැසීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට