නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉදිරි සති අන්තයේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාර්ග බාධක යොදා මෙම නීතිය කඩ කරන අය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක සහ කුලියාපිටිය, ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරයි.
ඒ අනුව ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට