මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 5 වැනි සඳුදා නිකුත් කරනු ලැබීමට නියමිතය.
රටේ කොරෝනා පැතිවීමේ තත්වය සමාලෝචනයට ලක් කිරීමෙන් පසු මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරෙනු ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව විසින් රටේ කොරෝනා පැතිරීම ඉදිරි දිනවල සමාලෝචනය කෙරෙනු ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් මුලු දිවයිනට සහ බස්නාහිර පළාතට වෙන වෙනම සෞඛ්‍ය නීති හඳුන්වා දී ඇත.
මේ අතර බස්නාහිර පළාතේ තහනම් නීති නොතකා විවෘත කර තිබූ රෙදිපිළි වෙළෙඳසල් රැසක් සෞඛ්‍ය අංශවල දැනුම්දීමෙන් වසා දමා ඇතැයි ධම්මිකා ජයලත් මහත්මිය වැඩිදුරටත් කීවාය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්